කොතලාවල පනතට ශ්‍රීලනිපයෙන් සංශෝධන 04ක්

කොතලාවල පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ කමිටුවෙන් සංශෝධන 04ක්..

by Staff writer 03-08-2021 | 10:08 PM

COLOMBO (News 1st) - කොතලාවල පනත් කෙටුම්පත ගැන අධ්‍යයනය සඳහා පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව විසින් ජනාධිපතිවරයාට සිය ස්ථාවරය දන්වා ලිපියක් යොමු කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතට අදාළව කාරණා 4 ක් සංශෝධනය විය යුතු බව එම කමිටුවේ ස්ථාවරයි. ඒ අනුව, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම. ආරක්ෂක අංශයේ නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයින් ඇතුළත් කර ගැනීමේදී විනිවිදභාවයකින් යුතු Z අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමයක් පනතේ පැහැදිලිව සඳහන් කිරීම රැකියාවක් කරන අතරතුර උපයන ආදායමකින් ගෙවීමේ පදනම මත ණය මුදලක් ලබාදීම පාලක සභාවල සිවිල් සාමාජික සංඛ්‍යාව බහුතරයක් බවට පත් කිරීම. එම කමිටුව යෝජනා කරන සංශෝධනයි.