වුහාන්හි සියලු පුරවැසියන් යළි කොරෝනා පරික්ෂාවට

වුහාන්හි සියලු පුරවැසියන් යළි කොරෝනා පරික්ෂාවට

by Staff writer 03-08-2021 | 2:00 PM

COLOMBO (News1st) :  චීනයේ වූහාන් නගරයේ සියලු පුරවැසියන් යළි කොරෝනා පරීක්ෂාවට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ වූහාන් නගරයේ යළි ශීඝ්‍රයෙන් කොරෝනා ව්‍යාප්ත වීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි. චීනයේ වූහාන් නගරයෙන්, 2019 වර්ෂයේ අග භාගයේදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ විය. ඊයේ දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වීමට අදාළව වූහාර නගරයෙන් සිද්ධීන් තුනක් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි, විදෙස් වාර්තාවන්හි සඳහන් ය. ඒ අනුව මිලියන 11 ක පුරවැසියන් මෙලෙස කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.