එන්නත්කරණ මධ්‍යස්ථානයක් ජනපතිගේ නිරීක්ෂණයට

විහාර මහදේවී උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

by Staff writer 03-08-2021 | 2:47 PM

COLOMBO (News1st) :  කොළඹ විහාර මහදේවී එළිමහන් රංගපීඨයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීරීක්ෂණය කළේ ය.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් ඒ සඳහා යොදවා තිබිණ. කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ ස්ථාපිත කර ඇති මෙම එන්නත් කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි. මෙම මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි මහජනතාව සහ යුද්ධ හමුදා සෞඛ්‍ය කාර්‍ය්මංඩල සමග සුහද පිළිසදරක ද නිතර විය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද එක් සිටි අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සඳහා දායකත්වය ලබා දෙනු ලබයි.