කොතලාවල පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය පත් කළ කමිටුවෙන් සංශෝධන 04ක්..

කොතලාවල පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ කමිටුවෙන් සංශෝධන 04ක්..

කොතලාවල පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ කමිටුවෙන් සංශෝධන 04ක්..

කර්තෘ Staff writer

03 Aug, 2021 | 10:08 pm

COLOMBO (News 1st) – කොතලාවල පනත් කෙටුම්පත ගැන අධ්‍යයනය සඳහා පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුව විසින් ජනාධිපතිවරයාට සිය ස්ථාවරය දන්වා ලිපියක් යොමු කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතට අදාළව කාරණා 4 ක් සංශෝධනය විය යුතු බව එම කමිටුවේ ස්ථාවරයි.

ඒ අනුව,

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනය හා පාලනයෙන් බැහැර නොකිරීම.

ආරක්ෂක අංශයේ නිලධාරීන් නොවන උපාධි අපේක්ෂකයින් ඇතුළත් කර ගැනීමේදී විනිවිදභාවයකින් යුතු Z අගය මත පදනම් වූ සාධාරණ ක්‍රමයක් පනතේ පැහැදිලිව සඳහන් කිරීම

රැකියාවක් කරන අතරතුර උපයන ආදායමකින් ගෙවීමේ පදනම මත ණය මුදලක් ලබාදීම

පාලක සභාවල සිවිල් සාමාජික සංඛ්‍යාව බහුතරයක් බවට පත් කිරීම.

එම කමිටුව යෝජනා කරන සංශෝධනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]