අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක්...

අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක්... දිවයිනට බලපෑමක් නැහැ - කාලගුණ බලධාරීන්

by Staff writer 03-08-2021 | 10:45 AM

COLOMBO (News1st) :  ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක් සිදුව තිබේ.

යුරෝපීය මධ්‍යධරණි භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය උපුටා දක්විමන් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.5ක් ලෙස සටහන්ව ඇති බවයි. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් දිවයිනට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.