පරෙවිඇල්ලේ ගිලී එකම පවුලේ දෙදෙනෙකු මරුට

පරෙවිඇල්ලේ ගිලී එකම පවුලේ දෙදෙනෙකු ජීවිත ගමනට සමුදෙයි

by Staff writer 02-08-2021 | 11:16 AM

COLOMBO (News1st) :  බඩල්කුඹුර, පරෙවිඇල්ලේ ගිලීමෙන් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 30 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක එලෙස මියගොස් ඇති බවයි. ඔවුන් තවත් පිරිසක් සමග ඊ‍යේ (01) පස්වරුවේ පරෙවිඇල්ලෙ දියනෑමට ගොස් සිටියදී එම අනතුරට ලක්ව තිබේ.