රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

දේශපාලන පළිගැනීම් කොමිසමේ තම නම සඳහන් නිර්දේශ අයින් කරන්න - රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff writer 02-08-2021 | 10:50 PM

COLOMBO (News 1st)  - දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමා සම්බන්ධයෙන් ලබා දී ඇති අවසන් නිර්දේශ බල රහිත කරන රීට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට අද(02) පෙත්සමක් ගොනු කර තිබේ.

පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර ඇත්තේ, ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සෙසු කොමසාරිස්වරුන් දෙදෙනා, කොමිෂන් සභාවේ ලේකම්වරිය හා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතායි. කොමිසමේ විමර්ශනවලදී කරුණු දැක්වීමට තමාට සාධාරණ කාලයක් නොලැබීම රටේ පවතින නීතියට හා සාධාරණ යුක්ති ධර්මය උල්ලංඝණය කිරීමක් බව වික්‍රමසිංහ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.