දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා...

දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකයි

by Staff writer 02-08-2021 | 10:50 AM

COLOMBO (News1st) : ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව තැබෙන බව යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ, නැවත දැනුම් දෙන තුරු එම මධ්‍යස්ථානය ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබදීම සඳහා විවෘතව තබන බවයි. ඊයේ (01) උදෑසන 6.30 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට‍ දෙනෙකුට ඊයේ දිනයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදී තිබේ. අද දිනයේත් තෝරාගත් රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා යුද හමුදාව මගින් පවත්වන මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන 109 කදී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.