by Staff writer 02-08-2021 | 3:22 PM
COLOMBO (News1st) : ඇෆ්ගන් හමුදාව තලේබාන් සටන්කාමීන්ගේ මරමස්ථාන වෙත බෝම්බ හෙළා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රධාන නගර සටන්කාමීන් අත්පත් කරගැනීම වැළැක්වීම සඳහා එලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි.
හේරත්, ලෂ්කාර් ගා සහ කන්දහාර්, නගරවලට තලේබාන් සටන්කාමීන් ඇතුළු වී ඇති අතර ඔවුන් නගරවල වීදිපුරා සැරිසරන බව සඳහන් ය.
කෙසේ වෙතත් ඇෆ්ගන් හමුදාවේ කමාන්ඩෝ භටයින් එම නගරවලට යොදවා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පෙරේදා රාත්‍රීයේ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයට රොකට් ප්‍රහාර තුනක් එල්ල විය.
මේ හේතුවෙන් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කෙරිණ.
එම රොකට් ප්‍රහාර තුනෙන් දෙකක්, ධාවන පථයට එල්ල වී ඇතැයි ගුවන් තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.
මේ අතර තලේබාන් කැරලිකරුවන් රැඳී සිටි රහසිගත කඳවුරකට ඇෆ්ගනිස්ථාන හමුදාව ඊයේ ගුවන් ප්‍රහාර එල්ල කළේ ය.
කන්දහාර් හී පිහිටි මෙම රහසිගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 10 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.
ඇෆ්ගනිස්ථාන රජය ප්‍රකාශ කළේ, පැය 24 ක් තුළ තලේබාන් සංවිධානයේ කැරලිකරුවන් 250 ක් පමණ හමුදා ප්‍රහාර හමුවේ මියගොස් ඇති බවයි.