ගෙවුණු දිනයේ දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින්...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක ලැයිස්තුව...

by Sagarika Chathumali 02-08-2021 | 2:36 PM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (01) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,510 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිතයින් අතරින් 20 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයෙනි. ⭕ කළුතර දිස්ත්‍රික්කය – 398 යි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 384 යි. ⭕ මාතලේ දිස්ත්‍රික්කය – 189 යි ⭕ගාල්ල  දිස්ත්‍රික්කය – 181 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 311,349 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,973 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 280,868 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය 31 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ තවත් කොරෝනා ආසාදිත මරණ 67 ක් ඊයේ (01) වාර්තා කර තිබිණ. මරණකරුවන් අතරින් 36 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන ඉතිරි 31 දෙනා කාන්තාවන් ය.