COLOMBO (News 1st) - රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇත්තේ කොවීඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති පහසුකම්වල සංතෘප්තවීමක් හේතුවෙන් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා,
දැන් රෝහල්වල තත්ත්වය බලන්න දැන් කළුබෝවිල රෝහලේ ලෙඩ්ඩු 230 ක් හිටියා පෙරේදා ඊයේ යාන්තම් බස්වල ලොරිවල දාලා යවලා දැන් 146 ක් ඉන්නවා. මහනුවර රෝහල ගත්තාම රෝහලේ 88 දෙනක් ඉන්නවා. පොල්ගොල්ල රෝගීන් 280 ක් මීරිගම රෝහලේ ඇඳන් තියෙන්නේ 30 යි ලෙඩ්ඩු 65 ක් ඉන්නවා. ඒ කියන්නේ බිම ඉන්නවා භාගයක්. ඇඳන් 30 යි ලෙඩ්ඩු 65 යි බිම භාගයක් ඊළඟට මාතලේ රෝහල ගත්තොත් එහෙම 310 ක් ඉන්නවා රෝගීන් හැමතැනම රෝගීක් පිරිලා ඉන්නේ වැලිසර රෝහලේ එක වාට්ටුවයි තියෙන්නේ ඇඳන් 46 යි ලෙඩ්ඩු 73 යි ඊළඟට ජාතික රෝහලේ වාට්ටු ගණනාවක් තියනවා දැන් එන්න එන්න වාට්ටුවලට දානවා රෝගීන්ගේ සංඛ්‍යාව 400 පැනලා තියෙන්නේ. කරාපිටිය රෝහලේ වාට්ටු කිහිපයක් තියනවා වාට්ටු අංක 46 ඇඳන් 36 යි තියෙන්නේ ලෙඩ්ඩු 97 දෙනෙක් ඉන්නවා හිතාගන්න පුළුවන්නේ ලෙඩ්ඩු කොච්චර බිම ඉන්නවද කියලා පැදුරුවල බිම හැමතැනම ලෙඩ්ඩු. කොවිඩ් අයි.සී.යු එක පිරිලා ගිහිල්ලා තියෙන්නේ
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
පළවෙනි දේ තමයි රෝහල්වල ධාරිතාව ඉක්මවලා ගිහිල්ලා කියන කතන්දරය ඒක බැලූ බැල්මට පෙනෙන තත්ත්වයක් වුණාට එහෙම වෙලා තියෙන්නේ කොවීඩ් රෝගීන් සඳහා වෙන්කරලා තියන පහසුකම්වල සංතෘප්තවීමකුයි සිද්ධ වෙන්නේ කෙසේ නමුත් මේ රෝගීන් වැඩිවෙන දේ නවත්නන්නේ නැතුව ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් වැඩි කරගෙන යාම එක්තරා මොහොකදී මං හිතනවා සීමාව ඉක්මවා යන්න පුළුවන් ලංකාව පුරාම වුණත් අපට තියෙන්නේ මුළු ඇඳන් සංඛ්‍යාවත් 80,000 කට ආසන්නව මේ වෙනවිට අතරමැදි මධ්‍යස්ථාන සමග තිස්දාහා ඉක්මවලා ඇඳන් භාවිත කරනවා. නමුත් ඉවක් බවක් නැතුව අපි මේ රෝගය පැතිරෙන්නට ඉඩ දුන්නොත් මේ ඉදිරි කාලසීමාව තුළ මේ ඇඳන් සියල්ලම භාවිත කරන්නට සිද්ධ වෙනවා. දවසකට රෝගීන් තුන්දාහක් පැමිණුත් මේ ඇඳන් තිස්දහා සංතෘපත් වෙන එක වළක්වන්න බැහැ. දවසකට රෝගීන් 8,000 ක් ආවොත් අපේ තියන ඇදන් 80,000 දාහාම භාවිතයට ගන්න වෙනවා.