දිනකට කොරෝනා අසාදිත කුඩා ළමුන් 15ක්

කොරෝනා ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් - සෞඛ්‍ය අංශ

by Staff writer 02-08-2021 | 8:01 AM

COLOMBO(News 1st )- දෛනිකව කොරෝනා අසාදිත කුඩා ළමුන් 15 දෙනෙකු පමණ වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය .

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවේ මේ වනවිට කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි. මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහළ තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන් 70 දෙනෙකු සිටින බව අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.