COLOMBO (News 1st) - එන්නත් ලබා නොගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ එය සිදු කිරීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,
මේ සමීක්ෂණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ සෑම නිවසකටම ගිහිල්ලා එන්නත්කරණය පිළිබඳවත් නිරෝධායනය කරපු සහ ඒ නිරෝධායනයේ දී ලැබිච්ච පහසුකම් පිළිබඳවත් මේ සමීක්ෂණයේදී අපි තොරතුරු හොයා ගන්න උත්සාහ කරනවා. එහිදී අපි බලනවා කුමන එන්නත ලබාගෙන තියෙනවාද? දෙවනි මාත්‍රාව ලබාගෙන තියනවාද? එන්නත ලබාගෙන නොමැති නම් විශේෂයෙන් අවුරුදු 60 ට වැඩි යම්කිසි පුද්ගලයෙක් ඒකට හේතුව කුමක්ද පිළිබඳව අපි පොඩ්ඩක් විමසා බලන්න මේ සමීක්ෂණයේදී බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් අවධාරණය කරගෙන තියනවා සීයට 95කට වඩා එන්නත්කරණය නොකරපු පුද්ගලයන් තමයි කොවිඩ් දහනමය වසංගත තත්ත්වය නිසා මිය යන්නේ කියන එක.