ගුරු – විදුහල්පති සංගම් රාජකාරියට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

ගුරු – විදුහල්පති සංගම් රාජකාරියට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

ගුරු – විදුහල්පති සංගම් රාජකාරියට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

කර්තෘ Staff writer

02 Aug, 2021 | 7:57 am

COLOMBO(News 1st) – රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නික්තු කර ඇති චක්‍රලේඛයකට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.

කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති සංගම් 14 ක් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඔවුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවය.

ගුරු – විදුල්පතිවරු විසින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව ඇති තත්ත්වයක් යටතේ එම තීරණය ගෙන ඇති බව අදාල ඒකාබද්ධ ලිපියෙන් දැනුම් දී තිබේ

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හෙට(02) ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවට මීට පෙර ලේකම්වරයාට දැනුම් දුන් බව ද එහි සදහන් වේ.

ඒ අනුව, ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සේවයට කැඳවීමේ චක්‍රලේඛයට අනුව ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන බව වෘත්තීය සංගම් සිය ලිපියෙන් අවධාරණය කරයි.

මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය ද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම්වරයාට දන්වා ඇත.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]