by Staff writer 01-08-2021 | 5:42 PM
COLOMBO (News 1st) – උතුරු මුහුදේදී, රුපියල් මිලියන 32කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
නාවික හමුදාව පැවසුවේ, යාපනය, තොන්ඩමනාරු සිට මාමුනෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක්, සැකකරුවන් දෙදෙනෙක් සහ ඩිංගි යාත්‍රාවක් එලෙස අත්අඩංගුවට ගත් බවය.
මෙම කේරළ ගංජා තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාවාරම්කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි සැක කෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේ ය.
නාවික හමුදාව පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇති බවය.