මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක් වටලයි

මධ්‍යම අධිවේගයේ ඉන්ධන ජාවාරමක් වටලයි

by Staff writer 01-08-2021 | 9:42 AM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් 07 දෙනෙකු වේයන්ගොඩ, වඳුරව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඌව පැල්වත්ත, කඩවත, වේයන්ගොඩ, බණ්ඩාරගම, දෙහිඅත්තකණ්ඩිය හා මාතර ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 07 දෙනෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලීසිය වෙත භාරදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.