COLOMBO (News 1st) - ජාතික ජන බලවේගය අද මාධ්‍ය හමුවක් කැඳවමින් රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැසක් මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
දිගු කාලයක් තිස්සේ අපේ රට අනුගමනය කරන ලද සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ප්‍රතිඵල තමයි අද මේ රටත් මේ රටේ ජනතාවත් භුක්ති විඳිමින් තියෙන්නේ. ඒ නිසා මේ සියලු ක්ෂේත්‍රවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ තවදුරටත් මේ රටේ ජනතාවට, අපේ රටට අනාගතයක් නොමැති බවයි. ඒ නිසා ආණ්ඩුවේ එක උපායමාර්ගයක් වෙලා තියෙන්නේ මුදල් මුද්‍රණය කිරීම, දෙවැනි එක ණය ගැනීම ඒ සඳහා චීනය, ඉන්දියාව, බංග්ලාදේශය පවා අද ණය ඉල්ලමින් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ අර්බුදයටම ඇතුළත් කරන ලද ණය පාරේ ගමන් කරමින් තිබෙනවා. තුන්වන විසඳුම බවට පත් වී තිබෙන්නේ ජාතික දේපළ විකිණීම එනිසා එවුන් පෙන්නුම් කරමින් ඉන්නවා රටේ මේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවට නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් ඔවුන්ට නොමැති බව පැරණි යල්පිනු අසාර්ථක ගමන් මාවතේම ගෝඨාභය රාජපක්ෂලා වේගයෙන් ගමන් කරමින් තිබෙන්නේ. එහි ප්‍රතිඵලය අපේ රට වෙගයෙන් අර්බුදයට අගාදයට ගෙනයාම
මෙහිදී ජාතික ජන බලවේගය පැවසුවේ, ප්‍රශ්න කිරීමෙන් ඔබ්බට ගොස් රට ගොඩ නැගීමේ ප්‍රවේශයකට යාමට තමන් සූදානම් බවය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,
අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ මේ රට තවදුරටත් යා යුතු ද? අප විඳින මේ විනාසයේ ප්‍රතිඵල අපේ දරුවන්ට අත්කර දිය යුතුද? ඒ නිසා තමයි ජාතික ජන බලවේගය විදියට අපි මේ රටේ ජනතාවගෙන් ආරාධනා කරනවා මේ ජනතාවගෙන් ඉල්ලා සිටිමක් කරනවා. කුමක්ද මේ වෙනස් කිරීම සඳහා එකතු වෙන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම් මේ රට ගොඩ නැගීම සඳහා භාරගන්න. මොකද ඒ සඳහා දැක්මක් වැඩපිළිවළක් කැප කිරීමක් අප සතුව තිබෙනවා. ඒ නිසා දැඩි විස්වාසයක් තියනවා මේ අගාදයට යමින් තියන රට ගොඩ නැගීමට අපට හැකියාව තියන බවත් ගොඩ නැගිය හැකි බවත් විස්වාස කරනවා. ඒවගේම මේ සඳහා බලය අත්පත් කරගත යුතුයි. මේ රටේ පුරවැසියන් වසර ගණනාවක් දශක ගණනාවක් විවිධ ආණ්ඩු විවිධ පාලකයන් ගොඩනගා තිබෙනවා. හැබැයි ඒ හැම එකකම ප්‍රතිඵලය ජනතා අපේක්ෂා භංගත්වයට පත්වීම. ජනතාවගේ පොරොන්දු මුළුමනින්ම සුනුවිසුණු කොට විනාශ කර දැමීම. ඒ මොනතරම්ද කිව්වොත් ජනතාවට දේශපාලනය එපා වන තරමට. ඡන්ද දීලා තියනවා ජනතාවට දේශපාලනය එපා වන තරමට ආණ්ඩු හදල තියනවා. අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ රට වෙනස් කීරීම සඳහා ඒකරාශි විය යුතුයි. ජාතික ජන බලවේගය. ඒ සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ රට ගොඩ නැගීම සඳහා තිබෙන ප්‍රධානතම ජනතා ව්‍යපාරය මහජන ව්‍යපාරය බවට මේ ජාතික ජන බලවේගය පත් කිරීමේ අමුණින් අපි වැඩකටයුතු කරමින් ඉන්නවා.