දිරාපත් නොවන ලන්ච් ෂීට් භාවිතය අද සිට තහනම්

දිරාපත් නොවන පොලිතීන් වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් භාවිතය අද සිට තහනම්

by Staff writer 01-08-2021 | 9:54 AM

COLOMBO (News 1st) - දිරාපත් නොවන පොලිතීන් වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් භාවිතය අද(01) සිට තහනම් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම තහනම නොතකා ක්‍රියා කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බවය. ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය, පොලීසිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහි පළමු වැටලීම කර්මාන්ත ශාලා තුළ සිදු කරීමට නියමිතය. ඉන් පසු ප්‍රවාහනය සහ වෙළඳාම් සිදු කරනවාද යන්න පිළිබඳ සොයා වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. පරිසර හිතකාමී රටක් නිර්මාණය සදහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.