.webp)
ප්‍රධානම දේ තමයි යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අපි මෙම ස්ථානයේ පැය 24ම ඒ කියන්නේ දිවා/රාත්‍රී දෙකම මොකද මේ කොළඹ ප්‍රදේශයේ කාර්ය බහුල පුද්ගලයින්ට රාත්‍රියේත් මෙම එන්නත දිවා කාලයේ වගේම රාත්‍රි කාලයේත් ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා
? පළමු මාත්‍රාව ලබාගත් බවට සඳහන් කර ඇති කාඩ්පත අස්ථානගත වුවහොත් දෙවන මාත්‍රාව ලබාගත හැකි ද ?
යුද හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය කර්නල් සවීන් සේමගේ මහතා,කාඩ්පත නොමැති අයට අපි ඇත්තටම එන්නත ලබාදෙන්න කටයුතු කරනවා ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් කාඩ්පත නැවත නිකුත් කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සිදු කරගන්න සිද්ධ වෙනවා මොකද මේ අවස්ථාවේ ඒ සඳහා පහසුකම් අප මේ ස්ථානයේ සලසන්නේ නැහැ.පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද උදෑසන සිට සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙන්ම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණේ ගුවන් හමුදාවේ ද සහයෝගයෙනි. කඩවත, කිරිල්ලවල මහ විද්‍යාල පරිශ්‍රය වෙතද අද උදෑසන සිට විශාල ජනකායක් තම දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා පැමිණිය ද ඉතා කාර්යක්ෂමව එම කටයුතු සිදු කිරීමට යුද හමුදාව පියවර ගත්තේ ය. මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලයේ පරිශ්‍රයේදී ද යුද හමුදාව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කළේ ය. මේ අතර හෙට(02) සිට ලබන බදාදා දක්වා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී ද එම එන්නත ලබාගත හැකියි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
එන්නතේ කිසිසේත්ම ඉවර වෙන්නේ නැහැ මොකද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඊයේ පමණක් අපට එක් ලක්ෂ විසි අටදාහක් ලැබුණා මුළු ලංකාවෙම ඉන්නේ පන්ලක්ෂ 40 දාහයි දෙවන මාත්‍රාව බලාපොරොත්තු වෙන් ඒක නිසා පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ගත්ත හැම කෙනෙක්ටම අනිවාර්යෙන් දෙවන මාත්‍රාව දෙනවා ඒක නිසා අද දවසේ මේ උදේවරුවෙම මේක ගන්න ඕනය අද දවස ඇතුළත ගන්න ඕනය කියලා වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා මේක අපි ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා පළවෙනි මාත්‍රාව ගත්ත අයට අන්තිමයටත් දෙවන මාත්‍රාව දෙනකම්ම ගහලා ඉවර කරනවා