by Staff writer 01-08-2021 | 10:39 PM
COLOMBO (News 1st) - කැපිටල් මහරාජා සමූහයේ සභාපති, ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්ප්‍රාප්ත වී අදට දින 07ක් සපිරේ.
අභාවප්ප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් අද(01) දහවල් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී දානමය පිංකමක් පැවැත්විය.
එම අවස්ථාවට කැපිටල් මහරාජා සමූහයේ, විද්‍යුත් මාධ්‍ය විධායක සමූහ අධ්‍යක්ෂ නීඩ්‍රා වීරසිංහ මහත්මිය, මානව සම්පත් - විධායක සමූහ අධ්‍යක්ෂ සුරංග ජයලත් මහතා, එම්.ටී.වී. නාලිකා/ එම්. එන්ටර්ටේට්මන්ට් ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
අභාවප්ප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන්, අදත් මරදාන අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී පිංකම් පැවැත්විය.
අද දහවල් දානය මහ සඟ රුවන වෙනුවෙන් පිරිනැමුනේ එස්ලෝන් සමාගමේ ප්‍රධානත්වයෙන් ය.
එම අවස්ථාවට කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ එස්.සී. වීරසේකර මහතා සමග එස්ලොන් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ජා-ඇල, ඒකල පිහිටි කැපිටල් මහරාජා සමූහයට අයත්, අයි.සී.එල්. බ්‍රෑන්ඩ්ස් ආයතනයේදී අභාවප්ප්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතා වෙනුවෙන් දානය පිරිනැමුණි.
මේ අවස්ථාවට කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශාන්ති බගිරදන් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති, අභාවප්ප්‍රාප්ත ආර්.රාජමහනේද්‍රන් මහතා වෙනුවෙන් අදත් දිවයිනේ ස්ථාන රැසක පුණ්‍යානුමෝදනා සිදු කෙරිණි.
නෙල්ලිගල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දානම පිංකමක් අද දහවල් පැවැත්විය.
මේ අවස්ථාවට කඩුගන්නාව කුඩාගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කාගල ශීලානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
මේ අතර දිවයිනේ තවත් ස්ථාන රැසක ආර්. රාජමහේන්ද්‍රන් මහතා සිහිපත් කරමින් පිංකම් සිදු කෙරිණි.