අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අද සිට යළි ඇරඹේ..

by Staff writer 01-08-2021 | 7:52 AM

COLOMBO (News 1st) - අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අද(01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍ය කාලසටහන් ඔස්සේ අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක වන බවය. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යාම අනිවාර්ය විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ දී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනිවාර්යෙන්ම පිළිපදින ලෙසත් දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.