ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරයි

16 හැවිරිදි ඉෂාලිනිගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැය 9 කට ආසන්න කාලයක්..

by Staff writer 31-07-2021 | 9:10 PM

COLOMBO (News1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සුම් සහිතව මියගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) පැවැත්විය.

ඒ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පැය 09 කට ආසන්න කාලයක් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණ බවය. මෙහිදී දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව පූර්ණ වාර්තාව ලබා දෙනතෙක්, දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබේ.