ළමුන්ගේ අසැබි දර්ශන අන්තර්ජාලයට දැමූ අයෙකු සොයයි

ළමුන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහල මහනුවර පුද්ගලයෙකු සොයා විමර්ශන

by Staff writer 31-07-2021 | 2:59 PM

COLOMBO (News 1st ) - ළමුන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, මේ වනවිටත් එලෙස අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබෙන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන සිදුවන බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිටවනු ලැබූ විශේෂ නිරීක්ෂණ ඒකකය හරහා නවීන තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳ විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.