වැලිකඩට විසි කළ පාර්සල් 04 ක් සොයා ගනී

වැලිකඩ බන්ධනාගාරයට විසි කළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04 ක් සොයා ගනී..

by Staff writer 31-07-2021 | 4:31 PM

COLOMBO (News 1st) –  තාප්පයට ඉහළින් වැලිකඩ බන්ධනාගාරයට විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට මීට දින කිහිපයකට පෙරදී වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 04 ක් කාන්තා අංශයේ රාජකාරී නියුතු නිලධාරිනියන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් පාර්සල් තුළ තිබී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන බැටරි 05 ක් සොයා ගෙන තිබේ.