කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 80%කින් ඉහළට

ලොව කලාප හයෙන්, පහකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80%කින් ඉහළට - ලෝක සෞඛ්‍ය සංවිධානය

by Staff writer 31-07-2021 | 10:20 PM

News 1st - ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

මේ අතර ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නගරය දින තුනකට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේද ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම නගරය වන මෙහි මිලියන ගණනක ජනතාවක් ජීවත් වේ. එම ජනතාවට අදාළ කාලසීමාවේ නිවසේම රැඳී සිටින ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් නියෝග කර ඇතැයි සඳහන් ය. මේ අතර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය චීනයේ තවත් ප්‍රදේශ 2 ක පැතිර ගොස් තිබේ. එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ, එරට ෆුජියෑන් ප්‍රාන්තයෙන් සහ චොන්කින් ප්‍රදේශයෙන් එම ආසාදිතයින් වාර්තා වී ඇති බවයි. ඊට පෙර බීජිං ඇතුළු ප්‍රදේශ 04 කින් නව කොරෝනා ආසාදිතයින් වාර්තා විය. මේ අතර ඉන්දියාවේ පැතිරයන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 70 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා ක⁣ළේ ය.