රාජ්‍ය සේවකයින් කැඳවන චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට අදාළ නව චක්‍රලේඛය නිකුත් කරයි..

by Staff writer 31-07-2021 | 4:15 PM

COLOMBO (News 1st) – ලබන සඳුදා(02) සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය නිලධාරින් බහුතරයක් එන්නත්කරණයට ලක් කර ඇති බැවින් රජයේ කාර්යන් බිඳවැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවය දිය යුතු බවට ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් අනුව මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර ඇති බවයි. ඒ අනුව ලබන සඳුදා සිට සෞඛ්‍ය මාර්ගෝදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු ය. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, නව චක්‍රලේඛය මගින් ‍මීට පෙර නිකුත් කර ඇති සිමීත කාර්ය මණ්ඩලයක් චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවෙස් වල සිටිමින් රාජකාරි කිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ ඊයේ(30) දිනයේ සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවය.