රාගලින් හමු වූ ස්මාරකයේ රහස කුමක්ද?

රාගලින් හමු වූ ස්මාරකයේ සැඟවුණු රහස කුමක්ද?

by Staff writer 31-07-2021 | 9:39 PM

COLOMBO (News 1st) - විජයාගමනයට පෙර මෙරට විසුවේ යැයි සැලකෙන ස්වදේශිකයන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ යම් නිගමනයන්ට එළැඹිය හැකි ස්මාරකයක් පුරාවිද්‍යා නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඒ, මෙරට පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණාත්මක අධ්‍යනයකදීය. මුහුදු මට්ටමින් අඩි 4,300ක් පමණ උසින් පිහිටි රාගල මන්ත්‍රී තැන්න ප්‍රදේශය මෙම පර්යේෂණ අධ්‍යනය සඳහා තෝරාගෙන තිබේ. අධ්‍යනයෙන් ආවරණවන පුර්ව ඓතිහාසික යුගය ලෙස සැලකෙන්නේ, ප්‍රාග් ඓතිහාසික යුගයත් ඓතිහාසික යුගයත් අතර වූ අවධියයි. එම අවධියේ මෙරට ස්වදේශික ජන කොටස් මධ්‍යම කඳුකරය අශ්‍රිතව විසු බවට 13 වන සත වර්ෂයේ දී ලියැවුණු බවට සැලකෙන සමන්ත කූඨ වර්ණනාවේ සඳහන් ය. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යඥ මහාචර්ය රාජ් සෝමදේව මහතා මෙම පර්යේෂණ අධ්‍යනය සිදු කෙරේ. එහිදී නිරීක්ෂණය වන ස්මාරකය ශෛලමය ලක්ෂණ පෙන්නුම් කරන්නකි. පුරාවිද්‍යඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ්. සෝමදේව මහතා,
අපි ඉන්නේ මේ ස්මාරකය ළඟ මේ වටකුරු හැඩෙකින් යුතු විශාල ගල් බැමිවලින් ආවරණය මෙහි මධ්‍ය කොටසේ ගල්වලින් තැනු වෘත්තාකාර ව්‍යුහයක් දකින්න පුළුවන් මේ ස්මාරකය අවට තිබෙන මතුපිට ඇතැම් පුරා වස්තු අපි එකතු කළා අපි වළං කටු කිහිපයක් සොයා ගත්තා. ඒවා භාවිත කර තිබෙන්නේ මීට වසර 2300 කට පමණ පෙර ජීවත් වූ ජන කොටසක් විසින් කියලා හිතන්න පුළුවන්. හැබැයි මේ ස්මාරකය ඊට එහා අතීතයකට දිව යනවා.
මහාචාර්යවරයාට අනුව මෙම ස්මාරකය යාතු කර්ම සඳහා තැනූවක් ලෙස සැලකිය හැකියි. ගංඟා නිම්න ආශ්‍රිතව ශිෂ්ඨාචාර බිහිවීමට පූර්වගාමීව ආදී කඳුකර වාසී වාරී තාක්ෂණය පිළිබඳ යම් අත්හදා බැලීමක් සිදු කර ඇතැයි නිගමනය කළ හැකි ඉදිකිරීමක් ද මේ ස්මාරකයට ඔබ්බෙන් වේ. ඒ, අසළ ඇති වැවයි. පුරාවිද්‍යඥ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,
මුහුදු මට්ටමින් අඩි 3440 උස තැනක වැවක් ඉදිකිරීම අසාමාන්‍ය දෙයක් ඒ වැව ඉදිකර තිබෙන්නේ මේ කඳුවලින් රූරා එන ජලය එකතු කර පහළ ජනාවාසවලට ගෙන යාමේ අරමුණින් කළු ගලෙන් කළ වැවේ සොරොව්ව අදටත් දක්නට පුළුවන්. ඒ නිසා මේ ස්මාරකය ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සංධිස්ථාකයකි.
ස්මාරකය ආශ්‍රිත ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කොට මෙහි කාලනිර්ණයට අදාළ කැනීම් කටයුතුවලට ඉදිරියේදී පියවර ගන්නා බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ ය.