නිරෝධායන නීති කැඩූ 93ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 93ක් අත්අඩංගුවට

by Staff writer 31-07-2021 | 2:49 PM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 93 දෙනෙකු ඊයේ(30) දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,719ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වගේම පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 284ක් හා ඔවුන් පැමිණි වාහන 113 නැවත හරවා යවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.