හෙරොයින් සමග 10ක් අත්අඩංගුවට.

දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් හෙරොයින් සමග 10ක් අත්අඩංගුවට

by Staff writer 31-07-2021 | 3:06 PM

COLOMBO (News 1st) - දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලිම්වලින් හෙරොයින් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑම් 39කට අධික හෙරොයින් ප්‍රමාණයක් ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය සඳහන් කළේ, පරයානකුලම්, නුවරඑළිය, මතුරට, බුලත්සිංහල, අගුලාන , ග්‍රැන්ඩ්පාස්,මැණික්හින්න ඇතුළු ප්‍රදේශවල සිදු කළ වැටලිම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.