ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය 20 වැනි දිනටත්

ගුරු - විදුහල්පති ඔන්ලයින් වර්ජනය 20 වැනි දිනටත්

by Staff writer 31-07-2021 | 9:43 AM

COLOMBO (News 1st): ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. ඒ, සිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමිනි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් ප්‍රමුඛ සංඝ සභාව ඊයේ හමුවිය. ඒ පවතින ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමටයි .