පැය 24ක් තුළ රිය අනතුරුවලින් 12ක් මරුට..

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 12 දෙනෙකු මරුට

by Staff writer 31-07-2021 | 2:19 PM

COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මියගිය අය අතරින් 07 දෙනෙක්ම යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. තිදෙනෙකු පදිකයින් වන අතර අනෙක් දෙදෙනා වාහනවල ගමන් කළ පුද්ගලයින් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දිනකට මරණ 12ක් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි බවය. රියැදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙවැනි අනතුරුවලට ප්‍රධානතම හේතුව බව වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.