ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

by Nadeeshan Meedin 31-07-2021 | 1:24 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට දන්වමින් පවසා ඇත්තේ, තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බවය. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම තම ජීවිතයේ ලද භාග්‍යයක් ලෙස ද ඉසුරු උදාන දක්වා ඇති බව නිවේදනයේ දැක්වේ. 2009 වසරේ දී පන්දුවාර 20 යි 20  ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ඉසුරු උදාන මේ දක්වා ජාත්‍යන්තර ඒක්දින තරග 21 ක් ජාත්‍යන්තර හා පන්දුවාර 20-20 තරග 35ක් ක්‍රීඩා කර ඇත. ඉසුරු උදාන සිය සමුදීම පිළිබඳ ට්ව්ටර් සටහනක් ද තබා ඇත.