ඉවත් කරන්න හදන ගම් ගැන සොයන්න සජිත් යයි

ඉවත් කරන්න සැරසෙන ගම් ගැන සොයන්න විපක්ෂ නායක මත්තලට..

by Staff writer 31-07-2021 | 10:07 PM

COLOMBO (News 1st) - මත්තල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ප්‍රදේශයට පැමිණ තිබේ.

මත්තල ගුවන්තොටුපොළට ආසන්නයේ පිහිටි පහළ මත්තල ප්‍රදේශයේ ඉදිකර තිබෙන ගම්මාන 05ක් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ගම්වැසියන් චෝදනා කරති. ඔවුන් පවසන්නේ, සිරිබරගම, සියත් ලංකාගම, ඇත් රජගම, යස ඉසුරුගම සහ සිරිසුමන සමන්ගම යන ගම්මාන එම ස්ථානවලින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවය. සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ඉකුත් රජය සමයේ මෙම ගම්මාන ඉදිකරනු ලැබිණි.