රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

31 Jul, 2021 | 8:49 am

COLOMBO (News 1st) –  නුවරඑළිය – තලවාකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඇය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ(30) රාත්‍රී එම අනතුර සිදුව ඇති බවය.

රියැදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ටෙලි නාට්‍යයක් රූගත කිරීම සඳහා නුවරඑළියට ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුව ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]