හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ දේහය ගොඩ ගනී

by Staff writer 30-07-2021 | 10:10 AM

COLOMBO (News1st) :  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර ගොඩ ගත් බව වාර්තාකරු පැවසී ය.

ඩයගම සුසාන භූමියේ මිහිදන් කර තිබූ දැරියගේ සිරුර එලෙස ගොඩ ගෙන ඇත්තේ, 2 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහායි. නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළේ, දැරියගේ දේහය ගොඩගෙන පේරාදේණිය රෝහලට ගෙන ගොස් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසයි.