සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට - සෞඛ්‍ය අමාත්‍යවරිය

by Staff writer 30-07-2021 | 6:43 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාව මේ වනවිට සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් පළමු තැනට පත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙරට කොරෝනා මර්දන එන්නත්කරණය වැඩපිළිවෙළ යටතේ ඊයේ (29) දිනය තුළ එන්නත් පන් ලක්ෂ පහලොස්දහස් අටසිය විසි දෙකක් ලබා දී ඇති බවය. ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වනවි⁣ට සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදු කරන රටවල් අතරින් පළමු තැනට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරන බව එම නිවේදනයේ සඳහන් විය. මේ අතර මියගිය පිරිසගෙන් 60%ක් කිසිම එන්නතක් ලබා ‌නොගත් අය බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇතැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.