මුල් මාස 6 තුළ ළමා හිංසන ක්‍රියා පැමිණිලි 4,700 ක්

මුල් මාස 6 තුළ ළමා හිංසන ක්‍රියා පැමිණිලි 4,700 ක්

by Staff writer 30-07-2021 | 3:34 PM

COLOMBO (News1st)  විවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 6 තුළ පැමිණිලි 4,700 ක් ලැබි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මුදිත් විදානපතිරණ මහතා සඳහන් කළේ, එම පැමිණිලිවලින් 73 ක් ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි. එම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරපුපාඩු වී තිබේ. සභාපතිවරයා සඳහන් කළේ, එම පුරප්පාඩුව සඳහා නිලධාරිනියක පත් කරන්නැයි ඉල්ලා ඇති බවයි.