මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට ප්‍රකාශයට පත් කෙරේ..

by Staff writer 30-07-2021 | 11:10 PM

COLOMBO (News 1st) - කොළඹ, කොටුව ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

එය ප්‍රකාශයට පත්කර ඇත්තේ, අමාත්‍යාංශ විෂයය පථයන් යළිත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා ඊයේ දිනයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගිනි. මිලෝදා ආයතනය හෙවත් ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් මීට පෙරත් ආරක්ෂක අමාත්‍යාංය යටතේ වෙනම ආයතනයක් ලෙස පැවති අතර නව ගැසට් නිවේදනය අනුව එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්වනු ඇති.