බණ්ඩාරගමින් රු. කෝටි 40 ක හෙරොයින් අල්ලයි

බණ්ඩාරගමින් රු. කෝටි 40 ක හෙරොයින් අල්ලයි

by Staff writer 30-07-2021 | 9:20 AM

COLOMBO (News1st) :  බණ්ඩාරගම, රේරුකාන ප්‍රදේශයේ අද (30) අලුයම කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 40 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 40 කට ආසන්න වන බවයි. එම ජාවාරම ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇති බවයි.