නව දුම්රිය මැදිරි 165 ක් ආනයනයට පියවර

නව දුම්රිය මැදිරි 165 ක් ආනයනයට පියවර

by Staff writer 30-07-2021 | 2:31 PM

COLOMBO (News1st) :  නව දුම්රිය මැදිරි 165 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, එම දුම්රිය මැදිරි දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමනාගමන පහසුකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි. දිවයිනට රැගෙන ආ එම දුම්රිය තොගයෙන් මැදිරි 30 ක් මේ වන විට රත්මලාන දුම්රිය අංගනයේ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. තවත් දුම්රිය මැදිරි 30 ක් කොළඹ වරායට රැගෙන විත් ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම දුම්රිය මැදිරි මෙරටට ආනයනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසී ය.