දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වලට අධ්‍යාපන උපකරණ..

දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වලට අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

by Staff writer 30-07-2021 | 11:00 PM

COLOMBO (News 1st) - දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) ආරම්භ විය.

මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ අරලිගහ මන්දිරයේදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකය ශිෂ්‍යත්වය සහ අධ්‍යාපන උපකරණ පිරිනැමුණි. මෙහිදී මූලික පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් සහ ප්‍රාචීණ ප්‍රාරම්භ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විසිනමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සිදුවිය. මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක රැසක දුෂ්කර ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ගිහි, පැවදි සිසුන්ට අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබාදීම සිදුවේ. ඒ සඳහා දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍යංශය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 30 කි. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපතිවරයා අතින් එළිදැක්විය.