by Staff writer 30-07-2021 | 4:37 PM
COLOMBO (News1st) : චීනයේ නැන්ජියෑන් නගරයේ පැතිර ගිය කොරෝනා ව්‍යාප්තිය මේ වන විට බීජිං අගනුවර සහ තවත් පළාත් 5 කට ව්‍යාප්ත වී තිබේ.
චීන බලධාරීන් පවසන්නේ, චීනයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු වාර්තාවන දරුණුතම වෛරස් ව්‍යාප්තිය මෙය බවයි.
පසුගිය ජූලි 20 වැනිදා නැන්ජියෑන් ගුවන්තොටුපළේ දී පළමුව ආසාදිතයින් හඳුනා ගැනීමෙන් පසු මේ වන විට 200 කට අධික ආසාදිතයින් පිරිසක් හඳුනා ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.
චීන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය බවයි.
කෙසේ වෙතත් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති පිරිස් එන්නත ලබා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර නොමැත.
නැන්ජින් ගුවන් තොටුපළේ කටයුතු අගෝස්තු 11 දක්වා අත්හිටුවා ඇති අතර වසංගත ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ පැළඳීම සහ අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස ද බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.