by Staff writer 30-07-2021 | 8:01 PM
COLOMBO (News1st) – දිවයින පුරාම ආවරණය වන පරිදි කොවිඩ් මර්දන එන්නත් නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද(30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී උපදෙස් දී තිබේ.
අධ්‍යනයන්ට අනුව කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව මෙහිදී අවධානයට ලක්වූ කරුණකි.
ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ, එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටු කර තිබෙන අතර රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත් එන්නත කඩිනමින් ලබා ගැනීමත් ජනතාව සතු යුතුකමක් බවය.
ඉදිරියේදී රජය ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු වී තිබේ.