මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි..

මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි..

මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරග තහනමක්: රු. මිලියන 10 බැගින් දඩයකුත් නියම කරයි..

කර්තෘ Staff writer

30 Jul, 2021 | 9:18 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එංගලන්ත තරග සංචාරයේදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට මෙම තහනමට අමතරව දඩ මුදලක් ද නියම කර ඇති බවය.

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පංච පුද්ගල කමිටුවක් පත් කළේ ය.

එහි නිර්දේශ වූයේ, ධනුෂ්ක ගුණතිලකට හා කුසල් මෙන්ඩිස්ට වසර දෙක බැගින් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18ක ක්‍රිකට් තරග තහනමක් පැනවීමටයි.

එමෙන්ම ඩොලර් 25,000ක දඩයක් ද එහි නිර්දේශ කර කළ බව සඳහන් ය.

නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව අද(30) ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 10 බැගින් දඩ නියම කර තිබේ.

වසරක ජාත්‍යන්තර තරග තහනමක් සහ මාස 6ක දේශීය තරග තහනමක් ද ඊට ඇතුළත් ය.

මේ අතර වසරක ජාත්‍යන්ත තරග තහනම අවසන් වීමෙන් අනතුරුව වසර දෙකකට අත්හිට වූ එක් වසරක තරග තහනමක් ද නියම කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කළ වෛද්‍යවරයෙකු යටතේ මනෝ උපදේශන සේවා ලබා ගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]