මහ බැංකුව මුදල් මුද්‍රණය කළත්, ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නෑ..- භාණ්ඩාගාර ලේකම්

මහ බැංකුව මුදල් මුද්‍රණය කළත්, ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නෑ..- භාණ්ඩාගාර ලේකම්

මහ බැංකුව මුදල් මුද්‍රණය කළත්, ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නෑ..- භාණ්ඩාගාර ලේකම්

කර්තෘ Staff writer

30 Jul, 2021 | 10:25 pm

COLOMBO (News 1st) – මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කළත් ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති නොවන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ප්‍රශ්නය,

මේ වසරේදී දිනක් තුළ මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 213 යි පසුගිය අඟහරුවාදා මුද්‍රණය කරලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන්ද මේච්චර මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළේ මොන හේතුවක් නිසාද කියලා.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා,

දාහක් ගෙව්වේ රිසවුස්වලින් රිසවුස් කියන්නේ මහ බැංකුවේ තියෙන සංචිතවලින් තමයි ගෙවෙන්නේ. මනි ප්‍රින්ටින් කියලා ඔයා කතා කලේ ඒක වෙන්නේ මෙහෙමයි ට්‍රසරි බිල් එකක් සෙන්ට්‍රල් බැන්ක් එකෙන් දීලා ඒක මං ආපහු සෙන්ට්‍රල් බැන්ක් එකට දීලා එතකොට මගේ රුපියල්වලින් ණය වැඩි වෙලා තියෙනවා. පිළිගන්නවා නම් හැබැයි ඒක මනි සර්කිවුලෙෂන් එකට ඇවිල්ලා නෑ ප්‍රින්ටින් එකේ මොකක්ද තියෙන ප්‍රශ්නේ උද්ධමනය වැඩිවෙනවා කියලා උද්ධමනය වැඩිවෙන්නේ ඒ සල්ලි භාවිතයට ආවොත් මේක සෙට්‍රල් ලයිස් වෙනවා. අර කලිනුත් 200 ක් කිව්වේ ඒත් පොවිෂනල් ඇඩ්වාන්ස් එකක් ගෙවන්න එතනින් අරගෙන ආපහු දෙනවා. මට ඩොලර් දෙන්නේ සෙන්ට්‍රල් බෑන්ක් එක මම අඩුම ගානේ රුපියල් ගිහිල්ලා දෙන්ට ඕන ඒක තමයි මේ කළේ. එතකොට සංචිතවලින් සෙන්ට්‍රල් බැන්ක් එක තමයි ගෙව්වේ. ඒ සෙන්ට්‍රල් බැන්ක් එක දෙන්න මම ට්‍රසරි බිල් එකක් දුන්නා. එතකොට මනි සර්කිවුලෙෂන් එකට ඒක ආවේ නෑ.

ප්‍රශ්නය,

අපිට මේ වෙද්දි කොච්චර රිසව් ප්‍රමාණයක් තියෙනවා ද?

පිළිතුර,

දළ වශයෙන් තුනයි දශම 5 ක් විතර තියෙනවා. මම දන්නේ අද මොනවත් වෙලාද කියලා. එකත් වෙනස් වෙනවානේ. විදේස්ගත ශ්‍රමික මුදල්, අපනයවලින් මුදල් ලබාගෙන නම් එක වෙනස් වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද විජේවික්‍රම,

මුදල් මුද්‍රණය කරලා රජයක් පවත්වාගේන යන්න බෑ. මේක් ප්‍රථිඵල අත්විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට විශාල වශයෙන් භාණ්ඩවලට ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. අපි ලෝක ඉතිහාසයේ කතා කෙරුවාම අතිඋද්ධමනකාරි තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා අවස්ථා කිහිපයකදීම රටවල් කිහිපයකම. එක්දාස් නවසිය විසි ගණන්වල ජර්මනියේ අත්දැකපු ඒ අතිඋද්ධමනකාරි තත්ත්වය පළවෙනි ලෝක යුද්ධය අවසන් උණාට පස්සේ ජර්මනියට සිද්ධ වුණා. ඒ යුද්ධයෙන් හානි වෙච්ච අනෙකුත් රටවල්වලට වන්දි ගෙවන්න ඒ වන්දි ගෙවද්දි ජර්මනිය තුළ විශාල අර්ථික අර්බුදයක් ඇතිවුණා ඒ අදාළ වන්දි ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් රජය සතු නොවීම නිසා. ඒ ගොල්ලෝ ඊට පස්සේ මුදල් මුද්‍රණය කරන්න පටන්ගත්තා දිගින් දිගටම මුදල් මුද්‍රණය කිරීම නිසා රට තුළ විශාල මුල්‍ය අර්බුදයක් ඇතිවුණා. මුදල් වීල්බැරෝවල ගෙනිහිල්ලා තමයි භාණ්ඩ මිලදී ගත්තේ ජර්මනියේ ඇතිවෙච්ච මේ පරිහානිය කොච්චරද කියනවා නම් ජර්මනියේ මිනිස්සුන්ට දර වෙනුවට මුදල් පුච්චලා ගෙවල් රත්කරගන්න ඒක වාසිදායක වුණා. ඒක සිද්ධ වුණේ මේ අධික ලෙස දිගින් දිගයම මුදල් මුද්‍රණය කරගෙන යෑම. මෑත උදාහරණය තමයි සිම්බාබ්වේ රටේ ඇතිවුණ මුල්‍ය අර්බුදය. රුපියල් බිලියන 2300 කින් පමණ මේ රටේ මුදල් තොගය 2019 නොවැම්බර් ඉඳලා මේ වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා. අපිට පෙනවා ඉදිරියේදී තව මාස දෙකක් තුනක් යනකොට මේ රටේ ජනතාවට විල්බැරෝවල දාගේන සමහරවිට මුදල් අරන් යන්න වෙයි. භාණ්ඩ මිලදී ගන්න මේ විදිහට මුදල් අච්චු ගැසීම නිසා විශාල අර්බුදයක් මේ රට තුළ නිර්මාණය කරනවා. තමන්ගේ මුදලින් ණය ගන්න රටවල්වලට විතරයි මේ නූතන මුදල් නියාය වලංගු වෙන්නේ අනෙකුත් සියලුම රටවල්වලට මේ නියාය වලංගු වෙන්නේ නෑ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]