by Staff writer 30-07-2021 | 11:53 AM
COLOMBO (News1st) : අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 8 ක චෝදනාවලින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කළේ ය.
නඩු කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අසිත ඇන්තනී මහතා කරුණු දක්වමින් සැකකරුට එරෙහිව නඩු පවරා ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් තිදෙනාගේම ලිඛිත අනුමැතිය නොමැතිව වන බැවින් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති බවට අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එසේ නම්, සිය සේවාදායකයා එකී චෝදනාවලින් මුදාහරින ලෙසට සරණ ගුණවර්ධණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් දක්වන කරුණු මත මතුවී ඇති තාක්ෂණිිකදෝෂය අනුව අපරාධ නඩු විදාන සංග්‍රහයේ 186 වැනි වගන්තිය අනුව සැකකරු මුදාහරින බව ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා දැනුම් දුන්නේ ය.
2007 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුවී යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිෂන් සභාව එම නඩු 8 පවරා තිබිණ.