ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට යොමු කිරීමට සැලසුම්

by Staff writer 29-07-2021 | 9:54 AM

COLOMBO (News 1st) - රත්නපුරයෙන් හමු වු ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියක් සඳහා යොමු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

එහි සභාපති තිලක් විරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා උපරිම මිලක් ලබා ගැනීමට මෙම පියවර ගන්නා බවය. මේ වනවිටත් විදේශිය ගැණුම්කරුවන් රැසක් මැණික් පොකුර සඳහා ලංසු ඉදිරිපත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. සභාපතිවරයා ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් 510ක් බරැති ආර්නූල් වර්ගයේ මෙම මැණික මේ වනවිට ආරක්ෂිතව තැන්පත් කර ඇති බවය. මූලික තක්සේරු කිරීම් අනුව මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික බවට ගණන් බලා තිබේ.