ගුවන් මගීන් රැගෙන එන නව මාර්ගෝපදේශය

පූර්ණ එන්නත්කරණය කළ මගීන් සීමා කිරීමකින් තොරව රැගෙන ඒමට ගුවන් සේවාවලට අවසර

by Staff writer 29-07-2021 | 2:57 PM

COLOMBO (News 1st) -යානයක සිටිය යුතු මගීන් සංඛ්‍යාව සීමා කිරීමකින් තොරව මගීන් රැගෙන ඒමට අගෝස්තු 01 වැනිදා සිට ගුවන් සේවාවලට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

නමුත් එලෙස යානය තුළ රැගෙනයා හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්කළ මගීන් පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේය.