රු. ලක්ෂ 120ක් වංචා කළ අයෙකු දැලේ..

මෝටර් රථයක් ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 120ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 29-07-2021 | 10:01 AM

COLOMBO (News 1st) - මෝටර් රථයක් මෙරටට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 120ක මුදලක් වංචා කරන ලද පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිට ඇති බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.