ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම් ගැන දැනුම් දීමට අංකයක්

ළමුන් මෙහෙකාර සේවයේ යොදවන තැන් ගැන දැනුම් දීමට අංකයක්

by Staff writer 28-07-2021 | 12:17 PM

COLOMBO (News1st) :  ළමුන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීමට පොලීසිය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 0112 43 33 33 යන දුරකථන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකි බවයි. ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ දිනයේ මෝදර හා කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශවල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. ලද තොරතුරුවලට අනුව එවැනි ස්ථාන 30 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළ බව ත් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඔහු පැවසී ය.